සිරිපාදේ දන්සැල

img_20170106_142545_edit

අපි සිකුරාද දවල් දෙක හමාරට විතර නල්ලතන්නියෙන් ගමන පටන්ගත්තා.සෙනගක් ඇත්තෙම නෑ. අපි බන්දේසි අරගෙන තිබුනේ නෑ. නල්ලතන්නියෙ ගන්න තිබුනෙත් නෑ. ඊට පස්සෙ පොලීසියෙ මහත්තයෙකුගෙන් සපෝට් එකක් ඉල්ලුවාම බන්දේසි හතරක් හොයලා දුන්නා.

img_20170106_145426_edit

ඒ ටිකත් අරන් ගෑස් කඩයක් ලඟට ගියා. එතනින් කිලෝ එකකට රු.40 ගානෙ දීල කිලෝ 22 ක බඩුයි පොඩි ගෑස් සිලින්ඩරේකුයි නාට්ටාමිලා දෙන්නෙකුගෙ අතේ උඩට පිටත් කලා.

img_20170106_152259_edit

කිසි ගානක් නැතුව කිලෝ 22 ඔලුවෙ තියාගෙන යනවා.

img_20170106_152724_edit

img_20170106_154027_hdr

හවස 3.30 විතර වෙනකොට සාම චෛත්යය ලඟ. බොහොම නිස්කලංක ලස්සන තැනක්.

img_20170106_163709_hdr_edit

img_20170106_163732

සීත ගඟුලෙන් නෑවෙ නැතත් සමන් දෙවියන්ට වැඳල මේ වැඩේ කරදරයක් නැතුව ඉවර කරගන්න උදවු ඉල්ලුවා.

img_20170106_165631

img_20170106_170856_edit

බෑග්වල තියෙන්නෙ සීනි, බිස්කට්, කේක්.

img_20170106_174019_hdrimg_20170106_175530_hdr

img_20170106_180139_hdr

ඉදිකටුපානට එද්දි හවස හයයි.සාම චෛත්යය ඈත පේනව. අපේ බඩු අරගෙන ගිය දෙන්න බඩු භාරදීල ආපසු එද්දි හම්බවුනා.

img_20170106_194211

මෙතන තමයි භගවා ලෙන.

img_20170106_194220

එතනම තමයි දන්සැල් දෙන ශාලාව හදල තියෙන්නෙ. මෙතන ඉඳන් උඩමලුවට අඩි 100 ක් විතර තියෙනව. බඩු අරගෙන ආපු අය ඒව උඩමලුවට භාරදීල තිබුනා. ඒ ටික ආපසු මෙතනට ගෙනාවා.

img_20170106_223349

උඩමලුවෙ කාර්ය මන්ඩලයෙනුත් හොඳටම සපෝට් එක තිබුනා. කලින් දැනුම්දීමක් නැතුව වුනත් බඩුටික පිලිවෙලට තියාගෙන ඉඳල අපිට දුන්නා. ‎දන්සැල භාරව ඉන්න ස්වාමින් වහන්සේ හම්බවුනා. ඒ ස්වාමින් වහන්සේ උදේට බත් දන්සැලක් දෙනව. හරිම කරුනාවන්ත කෙනෙක්. ඔක්කොම හොයල බලල කටයුතු කරනව. තවටිකෙන් අපිට කන්න බතුත් උයල දෙනව. වෙලාව හවස හතයි. තවම සිරිපා කරුණා කරන්න එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා එන්නෙ නෑ. 

img_20170106_194244

මේ තමයි දානය සකස්කරන තැන.

img_20170106_205720

img_20170106_205740

ගෑස් ලිප්, භාජන, වතුර, අවශ්ය කරන ඔක්කොම දේවල් ටික තියෙනව. බඩුටික පැත්තකින් ගොඩගහල බෑග් වලට නිදහසක් දීල අපි නූඩ්ල්ස් ටිකක් හදාගෙන කෑව. සීනි කිලෝ 20, බිස්කට් කිලෝ 15, කේක් කිලෝ 30, වැලිතලප 5+, තල කැරලි බර ගානක්, අලුවා කිලෝ 10, කිරිටොපි එහෙමත් ගෙනැත් තිබුනා.

img_20170106_220213

සෙනග එන්න කලින් ආපසු උඩමලුවට ගියා. දහයට තේවාව ඉවරවුනාට පස්සෙ සිරිපා පද්මය වැඳ පුදා ගත්ත.

img_20170107_002919_edit

එකොලහ හමාර විතර වෙද්දි ඔන්න එක්කෙනා දෙන්න එන්න පටන්ගත්තා.

img_20170107_002825

අපිත් වතුර එකක් උනුකරගෙන බිස්කට් කඩලා බන්දේසි වල දාල වැඩේ පටන්ගත්තා. සුද්දො ඇරුනාම අනිත් අයනම් හොඳටම අමාරුවෙන් අමාරුවෙන් උඩට එන්නෙ. සුද්දො නම් උඩටත් දුවනව පහලටත් දුවනව අනේ මන්ද. කාපු බීපු හැමෝම පින්දීල ගම රටවල් වල විස්තරත් අහගෙන යන්නෙ. සුද්දොනම් ටිකක් සැකෙන් වගේ බලල ෆ්‍රී කිව්වහම ප්ලේන්ටියක් ගන්නව. ඊට පස්සෙ බිස්කට් එකක් කේක් කෑල්ලක් කාල තෑන්ක් යූ කියල යනව. ‎බුරුමෙන් වගේ ආපු අයත් හිටියා.

img_20170107_002838img_20170107_002849_edit

img_20170107_002927_edit

ටික ටික සෙනග වැඩිවෙන්න පටන්ගත්තා. බිස්කට් කඩනව කෙලවරක් නෑ, තේ කෝපි හදනව කෙලවරක් නෑ, කෝප්ප හෝදනව කෙලවරක් නෑ, “එන්ඩ එන්ඩ ප්ලේන්ටියක් බීල යන්න” කියල කියන ඒවගෙ කෙලවරක් නෑ, පින් දෙනව කෙලවරක් නෑ. දොලහෙ ඉඳන් පහ හමාර වෙනකන් නොන් ස්ටොප් ෆුල් ටයිම් වැඩ. මෙච්චර ලොකුවට වැඩේ යයි කියල හිතුවෙ නෑ. 16 දෙනෙක් හිටිය. ඒත් තව කවුරුහරි හිටියනම් හොඳයි. අපි ගෙනිච්ච ගෑස් එක කල්තියාම ඉවරවුනා. ඒ නිසා උඩින් තව ලොකු සිලින්ඩරයක් ගත්තා. කොච්චර ගින්දර දැම්මත් වතුර නටන්න සෑහෙන වෙලාවක් යනව. තේ හදල තියන් ඉන්නත් බෑ විනාඩියෙන් නිවිල යනව. කොච්චරවුනත් පඩිපෙල බ්ලොක් වෙන තරම් සෙනග ආවෙ නෑ. එහෙම වුනා නම් ලොකු ප්රශ්නයක් වෙනව.

img_20170107_003045img_20170107_005718_edit

dsc_0617

dsc_0616

පහට විතර අර කලින් කිවුව ස්වාමින් වහන්සේ තව දෙන්නෙක් එක්ක වැඩියා. හාල් කිලෝ 20 කින් බතක් උයල පරිප්පු හොද්දක් හදල, සම්බෝලයක් එක්ක, උදේට ඉර සේවය බලල පහලට බහින අයට කන්න දුන්නා. බොන්න උනු වතුරත් දුන්නා. හැමදාම එහෙම කරනවාලු. පුදුමයි තුන් දෙනෙක් කරපුහරිය. අපිටත් මහන්සි නිසා ලොකුවට ඒ වැඩේට උදවු කරන්න ලැබුනෙ නෑ. බත් කාපු අයට අපේ ඉතුරුවෙලා තිබුනු කේක් දුන්න. බත් දන්සැලේ වැඩේ බොහොම ජෙනුවින් විදියට යනවා දැක්ක නිසා අපි ඒක දිගටම කරගෙන යන්න සල්ලි ටිකක් එකතු කරලා ආධාරයක් කරා. වැඩේ ඉවරවෙලා අපි ගෙනාපු  කෝප්ප 200 යි ප්ලාස්ටික් බඩු ටිකයි එතෙන්ට දීල, හිස් ගෑස් සිලින්ඩරෙත් අරගෙන හතට විතර බහින්න පටන්ගත්තා.

බොහොම දුෂ්කර තැනකදී, ලැබීමට දුෂ්කර ප්‍රියමනාප දේවල් දන් දීල රැස් කරගත්ත මේ පින සියලුදෙනා විසින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s